මහවැලි වලව ව්‍යාපාරයේ පදිංචිකරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක නිරත වනවා. ඒ, ඇඹිලිපිටිය නව නගර පාරේ ජාතික පාසල ඉදිරිපිටදීයි. 1963 වසරේ ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලයේ සේවයට පැමිණි පවුල් වෙත ඉඩම් සහ නිවාස අහිමි වී යාමේ තත්වයක් මතුව ඇති බවටයි උපවාසකරුවන් රජයට චෝදනා කරන්නේ. ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය 1993 වසරේදී අහෝසි කිරීමත් සමඟ මෙම ඉඩම් අහිමිවීමේ තත්වය ඇතිවී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීද මෙම තත්වයට එරෙහිව උපවාසයක නිරතවුණා. එම අවස්ථාවේදී රජය පොරොන්දු වී ඇත්තේ ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන බවයි. එහෙත් එම පොරොන්දුව මෙතෙක් යථාර්තයක් බවට පත්වී නොමැති බවයි උපවාසකරුවන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ගැටළුවට විසඳුම් ඉල්ලා නැවතත් මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටිනවා.
2013-04-25
වලව මහවැලි පදිංචිකරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.