කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ ප‍්‍රධාන පූජකවරයාගේ නිවස බිඳ රුපියල් හත්ලක්ෂයකට අධික භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු හොරොව්පතාන පොලිසිය විසින් ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් දෙදෙනා මොටගෝනෑව කැලයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස 12වෙනිදා සවස මෙම සැකකරුවන් පූජකයාගේ නිවසට ඇතුළු වී එහි තිබූ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා. ස්වර්ණාභරණ, ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන දෙකක් ද එලෙස සොරාගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පූජකයා හොරොව්පතාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණා. ඒ අනුව සැකකරුවන් දෙදෙනා ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සොරාගත් භාණ්ඩවලින් කොටසක් ඔවුන් එම ප‍්‍රදේශයේම ව්‍යාපාරිකයෙකුටම අලෙවි කර ඇති බව ද අනාවරණ වී තිබෙනවා.
2013-04-25
ප්රධාන පූජකගේ නිවස බින්ඳ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.