මියන්මාර් මුහුදු සීමාවට ඇතුල් වූ මෙරට ධීවර යාත්රා දෙකක් කාර්මිකයන් 12 දෙනෙක සමග එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
ත්රීකුණාමලය චීන වරායේ පදිංචි කපිල සුදන්ත කළුපහන නමැත්තාට අයත් කපිල පුතා - 06 යාත්රාව හා හලාවත තොඩුවාව පදිංචි එල්.ජේ.එන්.ඒ. ප්රනාන්දු නමැත්තාට අයත් ආලෝක පුතා යාත්රාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යාත්රා දෙක ඉකුත් 23 දා ත්රීකුණාමල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර මෙම යාත්රා දෙක මියන්මාර් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ අපාලි සමරතුංග මහතා පවසනවා.
මේ අතර කපිල පුතා - 06 යාත්රාවේ අයිතිකරුවන කපිල සුදත්ත කළුපහන මහතා පැවසුවේ ඉකුත් දිනවල පැවැති සුළි සුළං තත්ත්වයත් සමග එම යාත්රාව ගසාගෙන ගිය බවත් දිසාව හා ස්ථානය පිළිබඳව දැන ගැනීමට තිබූ යන්ත්රය එම අවස්ථාවේ අක්රීය වී ගිය බවත්ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.