ඇමරිකාවේ කැල්ෆෝර්නියා නුවරදී 13 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගොස් තිබේ.
මෙම පිරිමි ළමයා අද ව්‍යාජ රයිෆල් තුවක්කුවක් රැගෙන පොලීසිය ඉදිරිපිටට ගිය අවස්ථාවේ එය සැබෑ තුවක්කුවක් යැයි සිතූ කැල්ෆෝර්නියා පොලිස් නිලධාරීන් පිරිමි ළමයාට වෙඩි තබා තිබේ. එම ළමයා තමන්ට තුවක්කුව එල්ල කළ බවත් තුවක්කුව බිම දැමීමට පැවසුවත් ඔහු එය බිම නොදැමූ නිසා වෙඩි තැබීමට සිදු වූ බවත් පොලිසිය පවසා තිබේ. මේ වන විට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටියි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.