2013-10-24

මාතර එජාප ගැටුම : මෛත්‍රීගේ ගෝලයින් එළියට - මංගලගේ ගෝලයෙක් ඇතුළට

එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි 5 දෙනෙක් අද පෙරවරුවේදී මාතර මූලස්ථාන පොලීසියට භාරවිය. මෙයින් සිව්දෙනෙක් මෛත‍්‍රී ගුණරත්න කණ්ඩායමේ සාමාජිකයෝ වනවා. එම සැකකරුවන් හතරදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතා අද සවස නියෝග කළේය.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ පාර්ශ්වයෙන් පොලීසියට භාරවූ වැලිගම ප‍්‍රාදේශීය සභාවේ වැලිගම එජාප සංවිධායක චමින්ද තල්ගස්වත්ත යන අය මේ මස 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදිනම හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.