2013-10-24

චෙස් ආධිපත්‍ය තවදුරටත් සචිනි රැකගනියි

කොළඹ ක්‍රීඩා විද්‍යායතනයේදී 39 වරටත් පැවැති ජාතික චෙස් ශූරතා තරගාවලියේ පිට පිට තෙවැනි වරටත් බාලිකා අංශයේ ජාතික චෙස් ශූරිය ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් WIM (Women international master ) සචිනි රණසිංහ පසුගියදා සමත් විය.
කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සචිනි ලංකාවේ ප්‍රථම වරට වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් හිමිකරගත් ක්‍රීඩිකාව වේ. මෙම තරගාවලියේම අනුශූරතාව අනුලා විද්‍යාලයේ නෙළුනිකා මෙත්මානි හිමිකරගත් අතර නෙළුනිකා ලංකාවේ දෙවැනි වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ක්‍රීඩිකාව වේ. සචිනි රණසිංහ තරග වට දහ තුනකට මුහුණ දී ලකුණු 12ක් ලබා ජයග්‍රහණය වාර්තා කළ අතර නෙළුනිකා මෙත්මානි තරග වට දහතුනකට මුහුණ දී ලකුණු 10.5ක් රැස් කර ජයග්‍රහණය වාර්තා කළාය. එම ඉසව්වේ තෙවැනි ස්ථානය සෙලනි ද සිල්වා සතු විය.
ජාතික චෙස් ශූරතා තරගාවලියේ බාලක අංශයේ ශූරතාව නාවික හමුදාවේ ඉසුරු අලහකෝන් හිමිකරගත් අතර ඉසුරු පිට පිටම ශූරතාව හිමිකරගත් දෙවැනි අවස්ථාව මෙය වේ. ටයිබ්රේක් ක්‍රමයට අනුව ඉසුරු ජයග්‍රහණය වාර්තා කරන විට එම ඉසව්වේම අනුශූරතාව ප්‍රසන්න කලංසූරියත්, තෙවැනි ස්ථානය ජී.සී. අනුරුද්ධ විසින් දිනාගනු ලැබිය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.