2013-10-28

විග්නේෂ්වරන්ට ආණ්ඩුකාරවරුන් එක්ක වැඩ කරන්න බැරිලු

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත හේතුවෙන් පවතින බලතල ඒ ආකාරයෙන්ම පළාත් සභාව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්යි සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා. පළාත් වල ආණ්ඩුකාරවරුන්ට තිබෙන බලතල පළාත් සභාවේ වැඩකටයුතු වලට බාධාවක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.  පළාත් සභා වලට යම් යම් අයිතිවාසිකම් තිබුණද, ඒවා පළාත් සභා වලට උරුම දේවල් නොවන බව ඔහු පවසනවා. 
ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා විසින් ඍජුවම පත් කර තිබෙන නිසා ඔහුගේ තීරණ දේශපාලන තීන්දු බව විග්නේශ්වරන් මහතා කියා සිටියේය. යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කළේය. 
පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයා විසින් මුළුමනින්ම යටත් කරගෙන සිටින බවත්, පළාත් සභාවට යම් යම් අයිතිවාසිකම් පැවතුනද ආණ්ඩුකාරවරයාට පවතින බලතල හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරිමට නොහැකි බවත් සී.වී.විග්නේශ්වරන් මහතා සඳහන් කළේය. 
පළාත් සභා පනතේ තිස්දෙවන සහ තිස්තුන-අට වගන්ති වලින්ද ආණ්ඩුකාරවරයාගේ බලය පෙන්නුම් කරන බවත්,එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 184-එල් වගන්තිය යටතේ ආණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශ කරන යම් කාරණයක් කිසිදු උසාවියකින් වෙනස් කළ නොහැකි බව ත් විග්නේශ්වරන් මහතා පෙන්වා දුන්නේය. 
මෙම සියලු කාරණාවලට හේතුව 13වන ව්‍යවස්ථාවේ පවතින දුර්වලතා බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය. 
(උපුටා ගැනීම අද දෙරණ)

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.