2013-10-26

ලතා මංගේස්කාර්ට සම්මානයක්

ප්‍රවීන චිත්‍රපට නිර්මාණකරු යස් චොප්රාගේ ප්‍රථම ගුණානුස්මරණ පින්කම පසුගියදා පැවැත්විණි. ඒ නිමිති කොටගෙන යස් චොප්රා අනුස්මරණ සම්මානයක් පිරිනැමීමට ඔහුගේ පවුලේ අය තීරණය කොට තිබිණි. 
පළමු වෙනි සම්මානයට සුදුසුකම් ලැබ තිබුණේ භාරතීය ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර්ය. මුම්බායි හි පැවති සම්භාවනීය උත්සවයකදී ඇයට මේ සම්මානය පිරිනමන ලද්දේ ගුවන්විදුලි හා ප්‍රවෘත්ති අමාතය මනීෂ් තේවාරි විසිනි. 
මිහිරි කටහඬක් දායාද කරගත් ලතා මංගේෂ්කාර් භාරතීය සංගීත ක්ෂේත්‍රයේ අභිමානයයි... ඇය ජීවමාන පුරාවෘත්තියක්. ඇයට සම්මානය පිරිනමමින් තේවාරි පැවසුවේය.
ඉතාමත් ජනප්‍රිය සුන්දර සිනමා නිර්මාණ රැසක් ක්ෂේත්‍රයට තිළිණ කළ යාෂ් චොප්රා පසුගිය වසරේ ඔක්තෝබර් 21දා මියගියේ ඩෙංගු උණ වැළඳීමෙනි. කලා ක්ෂේත්‍රයට සහ සංස්කෘතියට කරන ලද සේවය උදෙසා වසරක් පාසා මෙම සම්මානය පිරිනැමීමට සංවිධායක කමිටුව තීරණය කර තිබේ. රුපියල් මිලියනයක මුදලක් සහ හේතු පාඨයක්ද මෙම් සම්මානයට අයත්ය.
ලතා ඇගේ ගායන ජීවිතය ඇරඹුවේ 1942දීය. මේ වන විට ඇය ක්ෂේත්‍රයේ දශක හතක්ම රැඳී සිටිමින් දහසකට අධික හින්දි චිත්‍රපටවලට පසුබිම් ගීත ගායනා කොට තිබේ. හින්දි භාෂාවෙන් පමණක් නොව තවත් භාෂා 36කින් ගීත ගායනා කළ එකම ගායිකාව ද ලතා මංගේෂ්කාර්ය. 
ඉන්දියාවේ ඉහළම සම්මානය වන භාරතරත්න සම්මානය ඇතුළුව බොහෝ සම්මාන ඇය දිනාගෙන තිබේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.