2013-10-24

මහරගම පිලිකා රෝහලේ ඖෂධවේදීන් පස් දෙනෙක්ගේ වැඩ තහනම්

මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවන්ට ලබාදෙන ඔන්කැස්පර් නැමැති ඖෂධය වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඖෂධවේදීන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.  අදාළ ඖෂධය සැපයු සමාගම අසාදු ලේඛණගත කිරීමට ද පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. 
ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා ලබාදෙන ඉතා මිල අධික ඖෂධයක් වන ඔන්කැස්පර් ඖෂධය අවභාවිතය කිරීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබුණි.
අදාළ ඖෂධ කුප්පියක වටිනාකම රුපියල් දෙලක්ෂ තිස් හත්දාහක් (2,37,000) ක් පමණ වන අතර එම ඖෂධය සැපයු සමාගම විසින්ම මහරගම පිළිකා රෝහලේ ඖෂධවේදීන් කිහිපදෙනෙකු යොදාගනිමින් එම ඖෂධ කුප්පි අවස්ථා කිහිපයක දී නැවතවරක් අදාළ සාමාගම වෙත ලබා ගෙන ඇති බව සඳහන් වනවා.
එලෙස ලබාගන්නා ඖෂධ එම සමාගම විසින් නැවත වරක් පිළිකා රෝහලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබුණා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි සිදුකළ විමර්ශනයේ දී මෙම තොරතුරු තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.