2009.05.04 දින පුදුමාතලන් ප්‍රදේශයේ දී බිම් බෝම්බයකට අසුවී දෑස් නොපෙනී ගොස් වම් පාදය අහිමි වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස්කෝප්රල් එල්.යූ. ඉන්ද්‍රජිත් රණවිරුවාගේ විවාහ මංගල්‍යය ගම්පහ බැලුම්මහර ‘පබාවි’ උත්සව ශාලාවේදී ලෝක දෘෂ්‍යාබාධිත දිනය යෙදී තිබූ ඊයේ (15දා) උත්සවාකාරයෙන් පැවැත්විණි.
ගම්පහ ‘සියනෑ අපි’ සංවිධානය මංගල උත්සවයට අවශ්‍ය සියලුම දේ නොමිලේ ලබා දෙනු ලැබූ අතර තමාගේ අතගත් බුත්තල පදිංචි තිළිණි ප්‍රියදර්ශනී කොඩිතුවක්කු මෙනවිය සමග රණවිරුවා පෝරුවේ චාරිත්‍ර නිමවී තම අසුන වෙත පැමිණි අයුරු පහළ ඡායාරූපයේ දැක්වේ.
(උපුටා ගැනීම රිවිර පුවත්පත)
![]() |
ඡායාරූප අනුග්‍රහය රිවිර පුවත්පත |
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.