2013-10-26

ගින්නකින් බලංගොඩ රෙදි කඩයක් විනාශයි

බලංගොඩ නගරයේ ප‍්‍රධාන වීදියේ පිහිටි රෙදිපිළි වෙළඳසලක් අද පෙරවරුවේ ඇතිවූ  ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. බළන්ගොඩ පොලීසිය, නගරසභාව හා නගරාධිපතිවරයා, අවට වෙළඳ ප‍්‍රජාව හා එක්ව සිටි ජනතාව ගින්න නිවීමට උත්සාහ කළත් තට්ටු තුනක ගොඩනැගිල්ලක් වූ එහි තිබූ බඩුවලින් බේරාගත හැකිවුයේ ඉතා සුළු කොටසක් බව පොලීසිය කියයි.
සිද්ධියෙන් පුද්ගල හානි නොමැති අතර පෙරවරු 11 පමණ වන විට ගින්න පාලනය කිරීමට හැකිවිය. මෙම අවස්ථාව වන විට විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර විදුලි කාන්දුවකින් ඇතිවන්නට ඇති බව පොලීසිය සැක පළකරයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.