2013-10-16

දැඩි ඇප කොන්දේසි මත මංගල සමරවීර ඇප මත මුදාහරී

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුලු තිදෙනෙක් අඟහරුවාදා (15) දිනයේ මාතර අධිකරණයට ඉදිරිපත් කළ අතර රුපියල් ලක්‍ෂයක ශරීර ඇප තුනක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය. එච් .ආර් පියසිරි හා කමල් සොයිසා යන අයද මෙලෙස නිදහස් කරනු ලැබීය. 
පසුගිය පස් වැනි දා මාතර මහ නගර සභාව ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද පෙරවරුවේ නීතීඥවරු මාර්ගයෙන් මාතර පොලිසියට භාර විය.පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව සෑම මසකම අවසන් ඉරිදා මාතර පොලිසියේ පෙනී සිටින ලෙසත් සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් නියෝග කරමින් දැනුම් දුන් අතර ලබන 21 දින අධිරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.