2013-11-06

ඉන්දියාවෙන් අඟහරුට යානයක්

ඉන්දියාව අඟහරු ග්‍රහයා වෙත ඊයේ සාර්ථකව  අභ්‍යවකාශ යානයක් ගුවන් ගත කළේය. ඒ අනුව අඟහරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානයක් යවන ලොව සිව්වැනි රට බවට ඉන්දියාව පත්වේ. අඟහරු ග්‍රහයාගේ කක්ෂය වෙත ළඟා වීමට සහ පර්යේෂණ කිරීමට තාක්ෂණිකමය හැකියාව පවතින බව මෙමගින් පෙන්නුම් කරන්නේ යැයි ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා බි.බි.සී. පුවත් සේවයට පවසා ඇත.
රොබෝ අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කිරීමේ මෙම මෙහෙයුම Mars Orbiter Mission (MOM) නමින් නම්කර ඇත. ඉන්දියාවේම නිෂ්පාදිත “ශ්‍රීහාරිකෝටා” රොකට් යානයෙන් එය ගුවන් ගතකර තිබේ.
දින 300 කින් අඟහරු ග්‍රහයා වෙත ළඟාවීමට නියමිත මෙම රොබෝ අභ්‍යවකාශ යානය 2014 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඟහරු ග්‍රහයා මත ගොඩ බැස්සවීමට සැලසුම් කර ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.