2013-11-20

කරීනා අධ්‍යාපනය මට්ටම ගැන පසුතැවෙයි

ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය හුඟක් වැදගත් වෙනවා. නාගරික ගම්බද කියලා වෙනසක් නෑ. ඒකේ වටිනාකම කොහොමවත් නැති වෙන්නේ නැහැ. ඒ හින්දා හැම වෙලාවෙම දරුවන් දිරිමත් කරන්න ඕන ඉහළටම ඉගෙන ගන්න.
කරිනා කපූර් එසේ පැවසුවේ ඇගේ ඊළඟ චිත්‍රපටය වන ගොරි තෙරේ ප්‍යාර් මේන් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටියදීයි. කරීනා සිනමා ලෝකයට පිවිසුනේ 2000දී රිෆියුජී චිත්‍රපටයේ රඟපාමිනි. එවකට ඇගේ වයස අවුරුදු 20කි. එතැන් සිට දිගින් දිගටම චිත්‍රපටවල රඟපාන්නට සිදුවූ නිසා ඇයට හදාරමින් සිටි උසස් අධ්‍යාපන පාඨමාලාව සම්පූර්ණ කර ගන්නට නොහැකි වූයේය.
මම ඒ කාලේ ඉගෙන ගන්න එකට වැඩිය අවධානය යොමු කළේ චිත්‍රපටවලට. ඒත් දැන් මං ඒ ගැන පසුතැවෙනවා යැයි කරීනා පවසනවා.  ඇය මෙන්ම අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් අය වෙනුවෙන් ඇය දෙන පණිවිඩය කියවීමෙන් දැනුම වැඩි කර ගන්නා ලෙසය. පොඩ්ඩක් හරි කියවන්න පුරුදු වෙන්න ඇයි එවැනි හැමෝටම මතක් කර සිටිනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.