2013 වසරේ මුල සිට මේ දක්වා කාලය තුළ දේශපලනඥයන් 111 දෙනකුට එරෙහි අල්ලස් හා දූෂණ පැමිණිලි ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසනවා. ඔවුන් පිළිබඳ කොමිසම මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනකු ද වන බව එම කොමිසම පෙන්වා දෙනවා.
සෑම වසරකම කොමිසම වෙත වැඩිපුරම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පෙබරවාරි මාසයේ බවත් එයින් බොහොමයක් පැමිණිලි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අල්ලස් හෝදූෂණ පිළිබඳ පැමිණිලි බවත් කොමිසම වැඩිදුරටත් අවධාරණය කරනවා. අල්ලස් හෝ දූෂණ පිළිබඳ මේ වසර තුළ මේ දක්වා කාලය තුළ ලැබී ඇති මුලූ පැමිණිලි සංඛ්‍යාව 2310ක් බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අවධාරණය කර සිටිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.