2014-02-14

අල්ජසීරා මාධ්‍යවේදීන් 20 දෙනා ලබන සතියේ අධිකරණයට

ඊජිප්තු රජය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි මාධ්‍යවේදීන් 20 දෙනකු සම්බන්ධයෙන් අධිකරණ තීරණයක් ගැනීම ලබන සතියේ සිදුකරන බව එරට ආරංචි මාර්ග බි.බි.සීයට ප්‍රකාශ කර ඇත.
මෙම මාධ්‍යවේදීන් අතර විදේශිකයින් හතර දෙනකුද සිටින බව සඳහන් කරන අතර ඔවුන් අල්ජසීරා මාධ්‍ය ආයතනයට සම්බන්ධ වූවන් වේ.
අල්ජසීරා මාධ්‍යායතනය පෙන්වා දෙනු ලබන්නේ එම සංවිධානයට සම්බන්ධ මාධ්‍යවේදීන් නව දෙනකු අධිකරණයට කැඳවා ඇති බවය.
මෙම මාධ්‍යවේදීන් 20 දෙනාට ගොනු කර ඇති චෝදනා වන්නේ එරට ත්‍රස්ත කල්ලියක් ලෙස නම් කර ඇති මුස්ලිම් සහෝදරත්ව සංවිධානයට රජයට විරුද්ධ  කැරලි සංවිධානයට ආධාර අනුබල දී ඇති බවය.
එරට ජාතිකයන් 16 දෙනාටද මෙම චෝදනා යටතේම නඩු පවරා ඇති අතර ඔවුන්ද මෙම අධිකරණයට කැඳවා ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.