2014-02-14

පළමු ඡන්ද ප්‍රතිඵලය මිනුවන්ගොඩින්

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා  වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
බස්නාහිර පළාත් ඡන්යේ සියලු අපේක්ෂකයන්ගේ නීති විරෝධී කටවුට් පොස්ටර් ආදී ප්‍රචාරක දැන්වීම් පෙර දින රාත්‍රියේ ඉවත් කළ බවත්, ප්‍රබල දේශපාලනඥයකුගේ  ඡන්ද පෝස්ටර ද ඒ අතර වූ බවත් ඔහුගේ බලපෑම මත ස්ථානාධිපති මාරු කරන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රජයේ නිලධාරීන් මාරු නොකරන නමුත් අවශ්‍යතා මත මැතිවරණ කොමසාරිස්ගේ අනුමැතිය මත එවැනි මාරු කිරීම් කළ හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
එවැනි මාරු කිරීම් ගැන මහජනයාගෙන් පැමිණිලි ලැබෙතොත් ඒ ගැන ද මැතිවරණ කොමසාරිස් විභාග කරනු ඇතැයි ද දැනගන්නට ඇත.
ලුඩොවයික් මහතා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කර මාස තුනක් පමණ වන අතර කෙටි කාලයක් ඇතුළත කසිප්පු ආදී වැටලීම් රාශියක් සිදු කර ප්‍රදේශයේ නීතිය හා සාමය රැකීමට පියවර ගත් බව බොහෝ වැසියෝ කියති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිට මේ වන තෙක් මාරුවක් ලබා දී නැති බවයි. 
Source - Lankadeepa.lk

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.