2014-02-21

විදුහල්පතිට රීප්ප පහරක් එල්ල කළ සාපෙ සිසුවා අත්අඩංගුවට

වැලිකන්ද, සෙවණපිටිය ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 11 ශ්‍රේණියේ සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුවා පංති කාමරය තුළ ඩෙස් බංකුවල නැඟී ඝෝෂා කරමින් සිටියදී විදුහල්පතිවරයා පැමිණ අවවාද කර ඇත. එහිදී සිසුවා රීප්පයකින් විදුහල්පතිවරයාට පහරදී ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
තුවාල ලැබූ විදුහල්පතිවරයා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.