2014-02-21

අධ්‍යාපන ඇමැති පුතාගේ වාහනයේ අයෙක් ගැටේ - ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස්

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර පසන් ගුණවර්ධන පදවාගෙන ගිය මෝටර් රථය අද මාතර ගන්දර ප්‍රදේශයේදී අනතුරට පත් වීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වරයාගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් දෙලක්ෂයක ශරීර ඇපක් මත මුදාහැරුණා. ඒ මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාගේ නියෝගයකට අනුවයි. 

තුවාල ලැබූ පුද්ගලයා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයෙන් කරාපිටිය රෝහලට මාරු කර යැවුණා. 
තුවාලකරු හට රුපියල් 40,000ක් ගෙවීමටද සැකකාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුතා ඉදිරිපත් විය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.