2014-02-15

අකුරැස්සේ වෙඩි තැබීමක්

අකුරැස්ස - මලිදූව ඇහැලපේ ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. එකම පවුලේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා. අනෙක් පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මාතර මහරෝහලටයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති නමුත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.