2014-02-19

හිටපු අගවිනිසුරුවරියට එරෙහි නඩුව මැයි මාසෙට කල් යයි

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවරා ඇති වත්කම් නඩුව ලබන මැයි 12 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ගිහාන් පිලපිටිය මහතා නියෝග කළා. 
අල්ලස් කොමිසම ඒකපාර්ශවික කටයුතු කරන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී නලින් ලද්දුවහෙට්ටි මහතා මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියා.
කලින් චෝදනා පත්‍ර භාරදී ඇත්තේ  පිළිගත් ක්‍රමයට නොවන බව කී නීතීවේදියා  එම චෝදනාවට සම්බන්ධ ලේඛන  එදා භාර නුදුන් බව සඳහන් කළේය. අද එම ලේඛන භාර දුන්නේය. ඒ අනුව ඒවා අධ්‍යයනය කිරීම කල් අවැසි බව නීතීවේදීයා පැවසීය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.