අකුරැස්ස ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් හිනිදුම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස තුවාල ලැබූවේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙක්. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මාතර මහ රෝහලටයි. මෙම නිළධාරීන් දෙදෙනා ගමන්ගත් හිනිදුම පොලීසියේ රථ වාහන අංශයේ යතුරු පැදිය ට‍්‍රක් රථයක ගැටීමෙන් අද දහවල් අනතුර සිදුවුණා.
මේ අතර පුත්තලම - හලාවත මාර්ගයේ මදුරන්කුලිය මංසන්ධියේදී සිදුවී අනතුරකින් තුවාල ලැබූ අයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.
අද පෙරවරු 8.30 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මදුරන්කුලිය - කීර්තිසිංහ පුර පදිංචිකරුවෙකු වන චන්දන නිශ්ශංක නම් අයෙකි.
ත්‍රී රෝද රථයක් සහ කුඩා ප්‍රමාණයේ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ අයෙකි.අනතුරට සම්බන්ධ බව කියන ලොරිය සහ එය පැදවූ අයව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.