2014-03-08

යුක්රේනයට ගැන වැරදි පියවර ගන්න එපා - රුසියාව අමෙරිකාවට අනතුරු අඟවයි

යුක්රේනය සම්බන්ධයෙන් කිසිදු වැරදි පියවරක් නොගන්නැයි රුසියාව අමෙරිකාවට අනතුරු අගවනවා. ඔවුන් විසින් ඉක්මන් හෝ අඥාන පියවරක් ගතහොත් ඊට එරෙහිව තමන් දැඩි ප‍්‍රතිචාර දක්වන බවයි රුසියානු විදේශ අමාත්‍ය සර්ගී ලැව්රෝ ප‍්‍රකාශ කර තිබෙන්නේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමග දුරකතනයෙන් කළ සංවාදයකදී ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇතැයි බී බී සි ලෝක සේවය කියා සිිිටියා. 
දේශපාලන ආරවුල් හේතුවෙන් දැන් මාසයක් පමණ තිස්සේ යුක්රේනයේ පවතින්නේ නොසන්සුන් තත්වයක්. එරට ක‍්‍රිමියාර් අර්ධද්වීපය රුසියානු භට පිරිස් විසින් පාලනය කෙරෙනවා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමෙරිකාව කියා සිටියේ රුසියානු භට පිරිස් යුක්රේන දේශ සීමාවෙන් වහාම පිටවිය යුතු බවයි. එහෙත්, සිය හමුදාවන් එහි රැුදී සිටින්නේ රුසියානු ජාතිකයන්ගේ සහ රුසියානු බස කතා කරන්නන්ගේ ආරක්ෂාවට බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් කියා සිටියා. 
මේ අතර තවදුරටත් යුක්රේනය සමග සිටින්නේද නැතහොත් රුසියාව සමග ඒකාබද්ධ වන්නේ දැයි මහජන මතය විමසන ජනමත විචාරණයක් ක‍්‍රිමියාර් අර්ධද්වීපයේ ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි. ක‍්‍රිමියානු පාර්ලිමේන්තුව විසින් එම ජනමත විචාරණය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.   

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.