2014-03-08

මුඩුක්කුවෙන් සුපිරි නිවෙසකට

ඔස්කාර් සම්මාන දිනූ ස්ලම්ඩෝග් මිලියනෙයර් චිත්‍රපටයේ රඟ පෑ මුඩුක්කු දරුවන් දැන් දරිද්‍රතාවයෙන් මිදී සමෘද්ධිමත් ජීවිත ගත කරන බව බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට  අධ්‍යක්ෂ ඩැනී බෝයිලේ පවසනවා. එහි රඟ පෑ රැබිනා අලි සහ අශාරැද්දීන් ඉස්මයිලි පැවත ඇවේ ඉතාම දිළිඳු පවුල්වලිනි. 
අපි ඔවුන් අපූරු ඉස්කෝලවලට ඇතුළත් කළා. මේ ඉස්කෝලේ හඳුන්වන්නේ අසීමා පාසල කියලයි. රජයෙන් අත හැර දමන පාසල් පවරාගෙන කාන්තා සංවිධාන මගිනුයි ඒවා පවත්වාගෙන යන්නේ. ඒවායින් ලැබෙන අධ්‍යාපනය විශිෂ්ඨයි. මේ දරුවනුත් එහි හොඳින් ඉගෙන ගන්නවා. බෝයිලේ සතුටින් පවසනවා. 
ස්ලම්ඩෝග් මිලියනෙයර් චිත්‍රපටයේ  රඟපාන සමයේ ඔවුන් ඉංග්‍රීසි බස හැසිරවීමට දැන සිටියේ නැත. දැන් ඔවුන්ට හොඳින් ඉංග්‍රීසි කතා කිරීමට පුළුවන. එය ඔවුන් අනාගතය වෙනුවෙන් කරන ලද හොඳ ආයෝජනයකි. ඔවුන් හරි දක්ෂ ළමයි. ඒ චිත්‍රපටයේ රඟපෑව වැඩිමහළු ළමයින් අතරින් කෙනෙක් වුණ තනායි චෙහෙඩා අද චිත්‍රපට නිෂ්පාදකයෙක්. බෝයිල් වැඩිදුරටත් පවසන්නේ දැඩි සතුටකිනි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.