2014-09-21

ජිහාඩ්වාදීන් අත සිටි තුර්කි ජාතිකයන් නිදහස්

‘ඉස්ලාම් රාජ්‍යයක්’ වෙනුවෙන් සටන් වදින සන්නද්ධ කරුවන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිට නිදහස ලැබූ තුර්කි ජාතිකයන් හතලිස් නම දෙනෙකු එරට අගමැති අහ්මෙට් දවුටෝග්ලු (Ahmet Davutoglu) විසින් පිළි ගනු ලැබුණි.

උතුරු ඉරාකයේ මොසුල් නගරයේ තුර්කි කොන්සියුලර් කාර්යාලයෙන් පසුගිය ජුනි මාසයේ පැහැර ගනු ලැබුණ තුර්කි කණ්ඩායමට තානාපති නිලධාරීන් සොල්දාදුවන් සහ ළමුන් ද ඇතුලත් විය.

නිදහස් ලබා පැමිණි ප්‍රාණ ඇපකරුවන් එකෙනෙකා වැළඳ ගත් අගමැතිවරයා ඔවුන් යළි සියරට පැමිණීම ගැන සමස්ත තුර්කියම උද්දාමයට පත් වෙන බවයි කියා සිටියේ.

‘අද දවස ඔබලාගේ පවුල්වල සාමාජිකයන් විතරක් සතුටු වෙන දවසක් නොවෙයි. අද දවස අපේ මුළු ජාතියටම සතුටුදායක දවසක්.අනාගතයේ කිසිදිනක දෙවියන්ගේ නාමයෙන් මෙවැනි කනගාටු දායක දෙයක් නොවේවායි මම පතනවා’ අගමැතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.