පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා සඳහා ලබන 24 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දැනට මැණික් ෆාම් කඳවුරෙහි රැඳීසිටින සරණාගතයින් දෙදෙනෙකු ගොනුකළ පෙත්සමක අතුරු තීන්දුවදෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
යෝජිත ඡන්ද විමසීමේ දී මැණික්ෆාම් කඳවුරෙහි සිටින සරණාගතයින්ට ඡන්ද ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමිවන බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවෙහි කියා තිබිණි. එමෙන්ම අදාළ ප්‍රදේශයේ බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත්කර නොමැති නිසා එහි ඡන්ද විමසීමට බාධා පවතින බව ඔවුන් කියාසිටියි. එම වාතාවරණය හමුවේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් අදාළ ප්‍රදේශවල පැවැත්විය නොහැකි බව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එස්. ශ්‍රී ස්කන්ධරාජා මහතා සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය.
එබැවින් පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ඡන්ද විමසීම අත්හිටුවන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 24 වන දින පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම අත්හිටුවමින් විනිසුරුවරයා විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පෙත්සම් විභාගය අප්‍රේල් මස 24 වන දින පැවැත්වීමට නියමිත අතර එදිනට මේ සම්බන්ධව කරුණු දක්වන ලෙස සියලුම පාර්ශව වෙත අධිකරණය නියෝග කර තිබේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.