උත්සව සමයේ දී දිවයිනේ සියලු ආහාර පරිහරණ ආයතන පරීක්ෂාවට ලක්කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ සඳහා මේ වන විටත් දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.
විශේෂයෙන් උත්සව සමයේ දී තාවකාලික ආහාර පරිහරණ ආයතන පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන බව උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. උත්සව සමය වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු ආහාර වර්ග අලෙවි කරන ස්ථානවල්වලින් ආහාර වර්ග මිලදී ගැනීමේ දී යම් ගැටලුවක් පවතී නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත පැමිණිලි කරන ලෙස ද ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම උත්සව සමය වෙනුවෙන් විවෘත කරන ලද ආහාර වෙළඳසැල්වල තොග අවසන් කිරීමේ අරමුණින් ඇතැම් වෙළෙඳුන් විසින් කල් ඉකුත් වූ දින පසුවූ සහ කල් ඉකුත්වන දිනය ආසන්නව තිබෙන ආහාර අලෙවිය සඳහා තබන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
එමනිසා ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත්ල ආහාර මිලදී ගැනීමේ දී කල්ඉකුත්වීමේ දිනයල වර්ණක සහ රසකාරක වැනි කරුණු සම්බන්ධව පැමිණිල්ලක් ඇතොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.