2012-04-05

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ෆොන්සේකාට සහනයක්?


සරත් ෆොන්සේකා මහතා නිදහස් කොට ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවලින් හා ලෝක අපවාදයෙන් මිදීමට මෙය හොඳ අවස්ථාවක් යැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරූ ජයසූරිය මහතා පවසනවා. ෆොන්සේකා මහතා එළියේ හිටියා නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික චෝදනා එල්ල වන මෙවන් මොහොතකදී ඔහු රට වෙනුවෙන් හඬ නඟනු ඇතැයිද හෙතෙම පවසනවා.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ ෆොන්සේකා මහතාගේ සුවදුක් සොයා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයෙ වෙත පැමිණි අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් අමතමින්.
සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් ඒ මහතාට යම් සහනයක් ලැබෙනු ඇතැයි තමන් සිතන බවද පැවසූ ඒ මහතා දේශපාලන සිරකරුවන් සැමදා කූඩුවල දමා සිරකල නොහැකි බවත් සත්‍ය කවදා හෝ එළිවන බවත් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.