නොවැම්බර් 28 දින සිට බස්නාහිර පළාතේ සියලුම මාර්ගවල අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට හේතුව ලෙස ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ පුද්ගලික බස් රථ මාර්ග බලපත්‍ර, බස් රථ බලපත්‍ර සහ විවිධ ගාස්තු කිහිපයක් දැරිය නොහැකි ලෙස ඉහල දමා ඇති බවත් ඒ සඳහා විරෝධය පළකිරීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත්ය.
මෙම ගැටළු සඳහා විසඳුමක් ලැබෙන තුරු මෙම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.