අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමට පැමිණි නිලධාරීන් 135 දෙනකුට කෑම ඇණවුම් කර තිබුණත් මන්ත්‍රී අමුත්තන් හා රාජ්‍ය නිලධාරීන් සඳහා වූ බොජුන්හලේ ආසන 74 පමණක් තිබුණේ ඇයිදැයි ප්‍රශ්න කරමින් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා එහි නිලධාරීන්ට බැන වැදී තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා භෝජනාගාර භාරකරු වාඩිවී සිටි පුටුවටද පයින් ගසා තිබෙනවා. පහසුකම් සලසා නොදුන්නැයි භෝජනාගාර නිලධරයන්ට දොස් කීවේය. පසුවරු 12.30ට ලැබුණ පැය භාගයේ විවේකයේදී නිලධාරියෝ කෑමට පැමිණ තිබෙනවා. කෑම කළින් ඇනවුම් කර තිබෙනවා. ප්රශ්නය වූයේ සියලූ දෙනාට මේස වටා අසුන්ගෙන කෑම ගැනීමට ඉඩ නොතිබීම හේතුවෙන්. නියෝජ්‍ය ඇමැති එහි පැමිණියේ ඔවුන් කිහිපදෙනකු කෑම කන අතරවාරයේය. සෙසු නිලධාරියෝද කෑම කෑහ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.