2012-11-23

අලව්වේදී පාසල් පෙම් යුවළක් දුම්රියට බිලි

මහනුවර සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියට අලව්ව වලකුඹුර ප්‍රදේශයේදී තරුණියක් සහ තරුණයෙක් පැන දිවි නසාගෙන ඇති බව පොලීසිය පවසනවා. අද උදෑසන 7.15ට පමණ සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් පමණ වූ වෙන්නරුකන්ද, වෙන්නරුව ප්‍රදේශයේ පදිංචි එච්.ආර්. හසන්ත ප්‍රභාත් ධර්මසිරි නමැති තරුණයෙක් සහ අලව්ව, ගොරොන්ගස්දෙනිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩී.ජී. විශ්වනී සඳරේණු එදිරිසිංහ නමැති තරුණියකි. ප්‍රේම සබඳතාවක් හේතුවෙන් මෙම සියදිවි නසා ගැනීම සිදුවන්නට ඇති බවට සැක කරන අතර මෘත ශරීර අලව්ව දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.