2012-11-23

SupremeSAT - I කක්ෂගත කරන දිනය ගැන අද අවසන් තීරණයක්

සුපී‍්‍රම් සැට් වන් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරන දිනය සම්බන්ධයෙන් අද ස්ථිර නිගමනයකට එළැඹෙන බව අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරු රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.  ඔහු පෙන්වා දෙන්නේ පාරිසරික වාර්තා අධ්‍යයන කිරීමෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි අදාළ චන්ද්‍රිකාව ඊයේ දිනයේදී කක්ෂගත කිරීමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් අයහපත් කාලගුණය සහ තාක්ෂණික ගැටලූ කිහිපයක් හේතුවෙන් එය තාවකාලිකව ප‍්‍රමාද කෙරුණා. ශී‍්‍ර ලංකාවේ සුපී‍්‍රම් සැට් ආයතනය සහ චීනය එක්ව මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කරනවා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.