ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ සුපිරි ආරම්භක පිතිකරුවකු ලෙස සැලකෙන හිටපු ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු අද දින තෙවැනි වරටත් විවාහ දිවියට එළැඹෙන බව වාර්තා වේ.
මෙකී හිටපු ක්‍රීඩකයාගේ විවාහ උත්සවය 63 දෙනෙකුගෙන් යුත් සීමත ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් ගල්කිස්ස සුපිරි හෝටලයකදී අද සවස පැවැත්වෙන බවත් එම මංගල සාදයේ කටයුතු ආවරණය කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කොට ඇති බවත් පැවැසේ.
මීට පෙර දෙවන විවාහයෙන් තිදරු පියකු වූ මෙම ක්‍රීඩකයා පළමු විවාහයට පා තබන අවස්ථාවේදී ඊට සාක්ෂි ලෙස අත්සන් තැබුවේ මෙරට ඉහලම පෙළේ දේශපාලන පක්ෂ දෙකක නායකයකු සහ නායිකාවකි.
උපුට ගැනීම : මව්බිම පුවත්පත
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.