නීති විරෝධීව ගවයන් පස් දෙනෙකු මස් පිණිස ප‍්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ උප නියාමකවරියක් මැදවච්චිය ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුනා. ගවයන් ප‍්‍රවාහනය කිරීමට සහාය දුන් බව කියන ඇයගේ සැමියාද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. සිවිල් ආරක්ෂක උප නියාමකවරිය එම අවස්ථාවේ සිය රාජකාරී නිල ඇඳුමෙන් සැරසී සිටි බවයි පොලීසිය පවසන්නේ. මැදවච්චිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා මෙම වැටලීම සිදු කෙරුණා.
2012-11-23
මස් පිණිස ගවයන් පැටවූ සිවිල් ආරක්ෂක උප නියාමකවරියක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.