2012-11-21

හල්වතුරේ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් සුනඛකයෙකුට කොටු වෙයි


බුලත්සිංහල හල්වතුර ප‍්‍රදේශයේදී ඊයේ සිදු වූ ති‍්‍රපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 30ත් 32ත් අතර පසු වන්නන් බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ඝාතනය සිදු වූ නිවසට යාබද නිවසකදීයි. ඒ සඳහා පොලිස් සුනඛයන්ගේද සහාය ලබා ගැනුනා. 
ඝාතනයට ලක් වූයේ එකම පවුලේ පියා,  මව සහ පුතායි.  පියා 92 වැනි වියේද, මව 85 වැනියේ සහ පුතා 65 වැනි වියේද පසුවුණා. කොල්ලකෑමේ අදහසින් ඝාතනය සිදු කෙරුණු බවයි මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.