2013-10-28

කැසිනෝ නිසා ඩී.ආර්. විජේවර්ධන මාවතට වසා දැමීමේ සූදානමක්

කැසිනෝ පහසුකම් සහිත සුපිරි හෝටල් සංකීර්ණ දෙක ඉදිවීමෙන් පසු සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි පරිදි කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවත වසා දැමීමට රජයේ අවධානය යොමුවී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ කැසිනෝ පහසුකම් සහිත සුපිරි හෝටල් සංකීර්ණ දෙකක්‌ ඉදිකිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඉල්ලා අස්‌ කරගත් ගැසට්‌ නිවේදන දෙක සංශෝධන සහිතව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්‍ෂා කරයි.
එම සංශෝධන සහිතව අදාළ ගැසට්‌ නිවේදන යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්‌ඩලය තීන්දු කළහොත්, මෙසේ එම කැසිනෝ පහසුකම් සහිත හෝටල් සංකීර්ණ දෙක ඉදිවීමෙන් පසු කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවත වසා දැමීමට නියමිත බවද වාර්තාවේ.
කෙසේ වෙතත් යළි මේ ගැසට්‌ නිවේදන සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඒ සඳහා ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබාගෙන, ඒ පිළිබඳ පුළුල් වශයෙන් මහජනයා දැනුවත් කිරීමෙන් පසුව බවද තොරතුරු වාර්තා වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.