2013-11-22

කෝටි 11ක හඳුන් තොගයක් රේගු භාරයට

ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද සුදු හඳුන් සහ රත් හඳුන් දැව තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ටොන් හතරහාමාරක පමණ බරින් යුත් මෙම හඳුන් දැව තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 11කට ආසන්නයි. නාන කාමර උපාංග ආනයනය කරන මුවාවෙන් එම හඳුන් දැව තොගය ශ‍්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ. අදාළ හඳුන් දැව තොගයෙන් කොටසක් ශ‍්‍රී ලංකාවේ තැරැව්කරුවෙකුට ලබා දී, ඉතිරිය ඩුබායි රාජ්‍යයට යළි නැව්ගත කිරීමට සැලසුම් කර තිබුණා. කෙසේවෙතත් බුද්ධි අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම කන්ටේනරය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි නෙත්  නිවුස් වෙත වාර්තාවුණේ. අද පෙරවරුවේ එම කන්ටේනරය විවෘත කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි. අදාළ කන්ටේනරය ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට සම්බන්ධ ඉන්දීය ජාවාරම්කරුවන් සහ ඊට සහය ලබාදුන් මෙරට තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීිම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. 
උපුටා ගැනීම - Neth News

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.