ළමා විවාහ ඉන්දියාවට අලූත් වූවක් නොවේ. නමුත් එවැනි විවාහ නීත්‍යනුකූල දික්කසාදයකින් කෙළවර වන්නේ කලාතුරකිනි. පසුගියදා එවැනි නීත්‍යනුකූල ළමා විවාහ දික්කසාදයක් එරටින් වාර්තා වූ අතර දික්කසාද වූ මනාලියකගේ වයස අවුරුදු අටකි. ෆාතිමා මැන්ග්රේ නම් ඇය විවාහ වී ඇත්තේ සිව් හැවිරිදි වියේ පසුවද්දීය.
යෝජිත විවාහයක් වූ එහි මනාලයා බවට පත්ව සිටි අර්ජුන් බක්රිදි ඒ වන විට දස හැවිරිදිය. මෙම විවාහය සිදු වී ඇත්තේ මනාලියට අවුරුදු 18 සම්පූර්ණ වූ විට මනාලයාගේ නිවසට කැන්දාගෙන යාමේ පොරොන්දුව පිටය. නමුත් විවාහයෙන් වසර හතරකට පසු අර්ජුන් බක්රිදි තම මනාලිය කැන්දාගෙන යාමට පැමිණියේය. මනාලියගේ පියා ඊට තදින්ම විරුද්ධ වූ අතර මෙම විවාහය දික්කසාදයකින් කෙළවර වූයේ ඒ නිසාය. මේ සිදුවීම නිසා ෆාතිමා මැන්ග්රේ ඉන්දියාවේ අඩුම වයසින් දික්කසාද වූ මනාලිය ලෙසට ඉතිහාසයට එක් විය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.