2013-11-27

ස්ත්‍රී දූෂකයන් 252ක් 2012 වසරේදී මහඋළු ගෙදරට - ඇමැති හෙළි කරයි

ස්ත්‍රී දුෂණ වරදට වරදකරු වී 252 දෙනෙකු 2012 වර්ෂයේදි පමණක් බන්ධනාගාරතව ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති චන්ද්‍රසිරි ගජධිර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (26 අඟහරුවාදා) සභාගත කළ ‍ලේඛනයක දැක්වෙනවා. එසේම 2005 වසරේ සිට 2012 වසර දක්වා ස්ත්‍රී දුෂණවලට වරදකරුවන් වී පුද්ගලයන් 1718 දෙනෙකු බන්ධනාගර ගතව ඇතැයි ද එම පිළිතුරෙහි සඳහන්ය. ඒ අතරින් ස්ත්‍රී දුෂණ වරදට වරදකරුවි වැඩිම පිරිසක් බන්ධනාගාර ගතව ඇත්තේ 2008 වසරේ වන අතර එම සංඛ්‍යාව 319 ක් බවද එම ලේඛනයේ දක්වා තිබෙනවා. 
ස්ත්‍රී දුෂණයන්ට වරදකරුවි බන්ධනාගාර ගතවු 463 දෙනෙකු අවුරුදු 22 ත් 30 ත් අතර වයස් කාණ්ඩලයේ පුද්ගලයන්ය. මෙලෙස බන්ධනාගාර ගතවුවන් අතර වසය අවුරුදු 30 ත් 40 ත් අතර ප්‍රමාණයේ වරදකරුවන් 691 දෙනෙකුද, වයස අවුරුදු 40 ත් 50 ත් අතර වරදකරුවන් 481 දෙනෙකුද, වයස අවුරුදු 50 ත් 60 ත් අතර වරදකරුවන් 50 දෙනෙකුද, වයස අවුරුදු 60 ට වැඩි වරදකරුවන් 33 දෙනෙකුද සිටිනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පි පෙරේරා මහතා අසා තිබු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට සභාගත කරනා ලද පිළිතුරක මේ බව සඳහන් විය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.