ශ්‍රී ලාංකිකයින් ගත යුතු ආහාර මොනවාද යන්න පිළිබදව වෙබ් අඩවියක් නිර්මානය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. තමාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය හා කරන්නාවූ රැකියාව අනුව මෙම ආහාරවේල නිර්මාණය කරන බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසනවා.තවද ඒ ඒ ප්‍රදේශවල තිබෙන වැඩිම පෝෂණ ගුණයෙන් හෙබි ආහාර මොනවාද යන්න පිළිබදව සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබෙනවා.
මේ වන විට රටේ ජනතාවගේ ආහාර රටාව තීරණය කර ඇත්තේ බහු ජාතික සමාගම් බවද හෙතෙම පෙන්වාදෙනවා. මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම සදහා සිටින වෛද්‍යවරුන්ව ඇතැම් බහුජාතික සමාගම් මගින් මුදල් දී මිලදීගැනීමට කටයුතු කළ හැකි බැවින් ඒ පිළිබදව වඩාත් සැලකිලිමත් වන ලෙසද තමා එම වෛද්‍යවරුන් දැනුවත් කර ඇතැයිද වෛද්‍ය පාදෙනිය මහතා පවසනවා.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන් අනතුරුව අදාල ආහාර වේල් සම්බන්ධයෙන් පුවත්පත් මගින් ප්‍රසිද්ධ කර ජනතාව අතරට ගෙනයාමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.