එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය මෙරට විදේශ අමාත්‍යංශය හරහා වාසුදේව නානායක්කාර ඇමැතිවරයාට විශේෂ ලිපියක් එවා ඇති බව වාර්තා වනවා. ජාතික භාෂා හා ඒකාබද්ධතා අමාත්‍යංශය මඟින් රටේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ප්‍රශංසා කරමින් පිල්ලේ මහත්මිය විසින් මේ ලිපිය එවා ඇති අතර එම කටයුතු ඉදිරියේදීද සාර්ථකව කරගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
මීට අදාළ නව නීති රීති සම්පාදනය කළ යුතු බවද ඒ සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බව අදාළ ලිපියේ සඳහන් කර ඇති කරුණු අතර වන බවද වැඩිදුරටත් වාර්තා වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.