තිසුරි යුවනිකා, ගොඩක් දෙනා ඇයව දැන ගත්තේ සුසන්තා චන්ද්‍රමාලිගේ දුව හැටියට. ඒත් අද තිසුරි ඇගේම කියලා තැනක් හදා ගත් රංගන ශිල්පිනියක්. ඒ නිසාම මෙවර සුමති සම්මාන උළෙලේදී නැගී එන නිළිය සම්මානයත් ලබා ගත්තා. ජනප්‍රිය නිළිය සම්මානයටත් ළඟටම එන්න තිසුරිට පුළුවන් වුණා. ඒ නිසාමයි අපි අපේ කතාබහට තිසුරිව එකතු කර ගත්තේ.
එක සම්මානයක් ලැබෙද්දී තවත් සම්මානයක් ළඟටම අවා නේද?
ජනප්‍රිය සම්මානෙ නම් මම බලාපොරොත්තු වුණේ නැහැ. මුල් පස් දෙනා අතරටත් ආවට පස්සේ තමයි මම ෆේස් බුක් එකෙත් දැම්මේ මට වෝට් කරන්න කියලා. ඒත් ජනප්‍රිය සම්මානෙ නොලැබුණාට දුක නැහැ. නැගී එන නිළිය සම්මානෙ ලැබුණු එක මට ලොකුම ලොකු දෙයක්.
තිසුරිව හැමෝම දන්නේ අම්මා නිසාද?
මුලින්ම හැමෝම මට කිව්වේ සුසන්තා චන්ද්‍රමාලිගේ දුව කියලා තමයි. ඒත් මම හිතනවා පස්සේ මගේ රඟපෑම්වලින් මම මගේ නම හදා ගත්තා කියලා.
ඒ කියන්නේ තිසුරි නිළියක් වුණේ අම්මාගේ ජනප්‍රියත්වයෙන් නෙවෙයි?
මම රංගනයට ආවේ අම්මා නිසා. ඒත් අම්මගේ ජනප්රිත්වයෙන්ම මට ඉන්න බැහැනෙ. මට දක්ෂතාවක් තියෙන නිසා තමයි මට දිගටම වැඩ ලැබුණේ.
මේ දවස්වල අම්මවත් අපි නිතර දකිනවා
අම්මා මේ දවස්වල ටිකක් වෙනස් වෙනස් චරිත කිහිපයක්ම කරනවා. කොච්චර වැඩද කියනවා නම් අම්මා ගෙදර ඉන්න වෙලාවට මම ගෙදර නැහැ. මම ඉන්න වෙලාවට අම්මා නැහැ. අපි දෙන්නා ගෙදරදී හම්බවෙන්නේ කලාතුරකින්.
තිසුරි රංගනයට එද්දී අම්මා කැමැති වුණාද?
අම්මා ටිකක් අකැමැති වුණා. තාත්තා තමයි ගොඩක් කැමැති වුණේ මම රඟපානවාට.
ඇයි අම්මා අකැමැති වුණේ ?
මම හිතන්නේ ගෙදර ඉන්න තියෙන වෙලාව අඩු වෙන නිසා.
තිසුරි ගෙදරදී කොයි වගේ කෙනෙක්ද?
මම ගෙදරදී දුවනේ. අපේ අම්මා ටිකක් සැරයි. හැබැයි සැර වෙන්නේ වැරදි වැඩ කළාම. මම පුංචි කාලේ නම් දඟයි. ඒ නිසා අම්මාගෙන් ගුටි කාලත් තියෙනවා. දැන් නම් අම්මා මට එච්චර සැර නැහැ. මොකද මම දැන් හොඳ ළමයෙක්.
අනෙක් නිළියන්ට වඩා තිසුරිට ක්ෂේත්රයෙන් ලැබෙන රැකවරණය වැඩියි කිව්වොත්?
එහෙම විශේෂත්වයක් මට දැනෙන්නේ නැහැ. හැබැයි මුල් කාලේ ඉඳලම ගොඩක් අය මාව දන්නවා. මට ලැබිලා තියෙන ලොකුම රැකවරණය වෙන්නේ ක්ෂේත්රයේ වැඩ කරන්න ඕන විදිය සහ ඉන්න ඕන විදිය අම්මා මට කියලා දීලා තියෙන එක.
අම්මා කියපු දේවල් අකුරටම පිළිගන්නවා?
හැමෝම එක්ක සුහදව ඉඳගෙන කතා හදා ගන්නේ නැතුව වැඩ කරන්න මට පුළුවන් වෙලා තියෙන්නේ අම්මා කියලා දුන්නු විදියට ඉන්න නිසා තමයි.
හැමදාම රඟපාන්නද බලාපොරොත්තුව?
රඟපාන්න මම ආසයි. ඒ එක්කම මගේ උපාධිය ඉවර කරගන්නත් ඕන. උපාධිය කරන්නේ උපාධියට රස්සාවක් කරන්න නමෛයි. ජීවිතේට වටින නිසා. රඟපාන්න තියෙන ආසාව නිසාම මම දිගටම රඟපාවි.
විවාහ වුණු කාලෙක?
විවාහ වුණා කියලා රඟපෑම්වලින් ඈත් වෙන්න ඕන නැහැනේ. හැබැයි රඟපෑම් ටිකක් සීමා වේවි.
ළඟදී විවාහය ගැන බලාපොරොත්තුවක් තියෙනවාද?
තවම නම් විවාහය ගැන හිතලා නැහැ. අම්මාවත් මගෙත් එක්ක ඒක ගැන ගතා කරලා නැහැ. ඒ වුණාට කවදාහරි විවාහ වෙනවානේ.
තිසුරි සහකාරයා විදියට ක්ෂේත්රයේ කෙනෙක්ම තෝරා ගනිවීද?
මම කැමැති නැහැ මගේ ක්ෂේත්රයේ කෙනෙක් එක්ක විවාහ වෙන්න. ඒ අය නරක නිසා නමෛයි. එකම ක්ෂේත්රයේ දෙන්නෙක් විවාහ වුණාම ප්‍රශ්න වැඩි වෙනවා කියලා මට හිතෙනවා.
නිළියක් වුණාට පස්සේ තිසුරි ආඩම්බර වුණාද?
මම ආඩම්බර නැහැ. මාත් එක්ක කතා කරන ඕන කෙනෙක් එක්ක මම කතා කරනවා. අනික මගේ ඉස්සර හිටපු යාළුවෝ පවා අදටත් මට ඉන්නවා.
විලාසිතාවලට තිසුරිගේ තියෙන කැමැත්ත
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.