ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ නමින් කෝවිලක් ඉදි කිරීමේ සැලසුමක් පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වේ. එරට බිහාර් ප්‍රාන්තයේ ඉදි කිරීමට නියමිත මෙම හින්දු කෝවිල සඳහා ආධාර ලබාදෙන්නේ චිත්‍රපට නළුවකු වන මනෝජ් තිවාරිය. ලබන වසර මුලදී සචින් තෙන්ඩුල්කාර් කෝවිල බැතිමතුන්ට වන්දනා මාන කිරීමට හැකිවන බව සඳහන්ය.
පසුගියදා පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගයෙන් පසු සචින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. එම තරගයෙන් පසු ඔහුට ඉන්දියාවේ සිවිල් වැසියකු සඳහා පිදෙන උසස්ම සම්මානය වන භාරත රත්න සම්මානයද හිමි විය.ඉන්දියාවේ බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ අදහස සචින් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියකු බවය. අඩි 5 අඟල් හයක් උස සචින් තෙන්ඩුල්කාර්ගේ රුවක්ද මෙම හින්දු දෙවොල ඉදිකෙරෙන ස්ථානයේ පසුගිය අඟහරුවාදා මනෝජ් තිවාරි අතින් තැන්පත් කෙරිණි. නිල් පැහැ ඇඳුමකින් සැරසී සිටින සචින්ගේ අතෙහි ලෝක කුසලානය තබාගෙන සිටින ආකාරය එහි නිරූපිතය.
වර්ග අඩි 6000ක භූමියක් පුරා ඉදි කිරීමට නියමිත මෙම දෙවොල සඳහා ඉන්දියානු රුපියල් මිලියන 7ක් වැය වනු ඇතැයි ගණන් බලා තිබේ. සචින්ගේ රුවට අමතරව ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රිකට් තරු වන දෝණි හා යුවරාජ් සිංගේ පිළිරූද මෙම දෙවොලේ ඉදි කිරීමට සැලසුම් කර ඇත.මනෝජ් තිවාරිගේ බලාපොරොත්තුව දෙවොල විවෘත කිරීමට සචින් තෙන්ඩුල්කාර් කැඳවා ගන්නටය.
“දෙවියන්ට නොදවෛනි වූ මෙම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෞරව දැක්වීමට මේ දෙවොල හොඳ අවස්ථාවක්...” මනෝජ් තිවාරි පවසන්නේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.